DP Coding School – මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න

මොනවද මේ කෝඩින්?

ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන් අද වෙනකොට අපේ ජීවිතවලට මොන තරම් බලපාලා තියනවද? වෙලාවකට ඒවා අපේ ජීවිතේම කොටසක් වගේ. ෆෝන් එකක් නැතුව පැය දෙක තුනක් වත් ගෙවා ගන්න බැරි තරමට අපේ ජීවිත මේ devices එක්ක බැඳිලා. ඉහේ කෙස් ගාණට මේවා පාවිච්චි කළත් මේවා ඇතුළෙ වැඩ කරන Apps, Games, Programs වගේ දේවල් හැදෙන්නෙ කොහොමද කියලා ඔයා දැනගෙන හිටියද?

අපි මේ Smart devices සහ පරිගණක ඇතුළෙ පාවිච්චි කරන Apps හරි Programs හරි නිර්මාණය කරන්නෙ එක්තරා සුවිශේෂී භාෂාවකින්. මේ භාෂාව කොච්චර සුවිශේෂීද කිව්වොත් මේක විශ්වීය භාෂාවක් තරමට ප්‍රචලිතයි. දියුණුයි. ඒ වගේම සංකීර්ණයි. භාෂාවක් කිව්වට සිංහල, ඉංග්‍රීසි වගේ කතා කරන භාෂාවක් නම් නෙවෙයි. පරිගණකවලට විතරක් තේරෙන සංකේත පද්ධතියක් යොදාගෙන මිනිසා විසින්ම නිර්මාණය කරපු භාෂාවක්. මෙන්න මේ අරුම පුදුම භාෂාවට තමයි අපි ‘කෝඩින්’ කියලා කියන්නෙ.

ඔයා පාවිච්චි කරන Computer Programs, Mobile Apps, Games, Web Pages වගේ දේවල් සියල්ලම පාහේ හැදෙන්නෙ මෙන්න මේ කියන කෝඩින් භාෂාවට පින් සිද්ධ වෙන්න තමයි. ඒ නිසා අද වෙනකොට මුළු ලෝකෙම මේ කොඩින් භාෂාවට සෑහෙන ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා තියනවා. යමකට තියන ඉල්ලුම වැඩි වෙද්දි ඒකෙ වටිනාකමත් වැඩි වෙනවා කියන්නෙ ආර්ථික විද්‍යාවේ තියන සරලම සිද්ධාන්තයක්නෙ. ඒ නිසා දැනටමත් කෝඩින් කියන විෂයට ලෝකය පුරා ඉතා ඉහළ වටිනාකමක් ලැබිලා තියනවා. මේ වෙද්දි ලෝකයේ ඉහළම වැටුප් ලබන රැකියාවක් විදියටත් කෝඩින් හඳුන්වන්න පුළුවන්.

අනාගතේ ගැන දැන් ඉදන් හිතල මතලා වැඩ කරන කෙනෙක් නම් කෝඩින් වගේ විෂයක් ගැන ඇල්මක් උනන්දුවක් ඇති කරගන්න එක හරිම වටිනවා. ටිකක් විතර සංකීර්ණ විෂයක් වුනත් ලාබාල වයසෙ ඉදන්ම හදාරන්න පුළුවන් වීම කෝඩින්වල තියන විශේෂත්වයක්.

ලෝකයේ ගොඩක් දියුණු රටවල්වල දරුවන්ට පුංචි කාලෙ ඉදන්ම මේ කෝඩින් විෂය උගන්වනවා. පුංචි කාලෙම මේ වැඩේ හරියට ඔළුවට දාගන්න පුළුවන් නම් ලොකු වෙනකොට ලෝකෙම හෙල්ලිලා යන වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒකට දෙන්න උදාහරණ ඕනෑ තරම් තියනවා. මාර්ක් සකර්බර්ග්, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, ඉලෝන් මස්ක්, ජැක් ඩෝසෙ වගේ ලෝක පූජිත පුද්ගලයන්ගෙ සාර්ථකත්වයට හේතුව වුනේ කෝඩින් භාෂාව කිව්වොත් වැරදි නෑ.

අපිටත් ඉගෙනගන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම පුළුවන්. ඉස්සෙල්ලා කිව්වා වගේ පුංචි කාලෙ ඉදන්ම මේක ඉගෙන ගන්නව නම් ඉතාමත් හොඳයි. නමුත් කෝඩින් ඉගෙන ගන්න වයස කිසිම බාධාවක් නෑ. උනන්දුව, ආසාව තියනව නම් ඕනැම කෙනෙකුට මුල ඉදන් ඉගෙනගෙන සාර්ථක වෘත්තිකයෙක් වෙන්න අවස්ථාව තියනවා.

තමන්ගෙ දරුවා අනාගතයේ ඉහළ වැටුප් ලබන දක්ෂ පරිගණක ඉංජිනේරුවෙක් කරන්න පුංචි කාලෙ ඉදන්ම මඟක් පාදලා දෙන්න මේ පාඨමාලාව උපකාරී වෙනවා.

කොහෙන්ද? කොහොමද?   

DP Education ඩිජිටල් පාසැල ගැන ඔබ අහල තියනව නම් ඒක මොන තරම් පුළුල් පරාසයකින් රටේ අධ්‍යාපනයට දායකත්වයක් දක්වනවද කියලා ඔබට අදහසක් ඇති. ඔබ තාමත් ඒ ගැන නොදන්න කෙනෙක් නම් Youtube එකේ DP Education කියලා නිකමට Search කරලා බලන්න. 1 ශ්‍රේණියේ ඉදන් උසස් පෙළ දක්වා සියලුම විෂයන් සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන දැවැන්ත Online තක්සලාවක් තමයි DP Education කියන්නෙ. මේක අපේ රටේ දරු පරපුර දැනුමින් සන්නද්ධ කරන්න සද්භාවයෙන් යුතුව ආරම්භ කරපු සමාජ මෙහෙවරක්.

DP Education coding පාසැල මඟින් කෝඩින් විෂය වෙනම පාඨමාලාවක් විදියට මුල සිට සරලව ඉගැන්වෙනවා. ඔබට කරන්න තියෙන්නෙ අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක පාඩම් මාලාව මුල ඉදන් හරියට follow කරන එක විතරයි. ඉංග්‍රීසි හෝ වෙනත් කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැහැ. සිංහල දෙමළ භාෂා දෙක ඔස්සේම හදාරන්නත් පුළුවන්.

කෝඩින් මඟින් සරල කාටුන් එකක් නිර්මාණ කරන හැටි තමයි මූලික පාඩම්වලින් කියා දෙන්නෙ. ඒ නිසා අවුරුදු 5-6 වයසේ පුංචි දරුවෙකුට වුනත් මේ විෂය ඉගෙන ගන්න ආසාවක් ඇති වෙන එක පුදුමයක් නෙවෙයි. මේ වයසේ දරුවෙකුට සරල කාටුන් එකක් තනියම නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා කියන්නෙම මොන තරම් දෙයක්ද?

එතකොට පාඨමාලා ගාස්තු???

මේ පාඨමාලාවේ සම්පූර්ණ වටිනාකම රු. මිලියන 2.5ක් විතර වෙනවා. ඒ කියන්නෙ, රු. ලක්ෂ 25ක් විතර. කොච්චර වටිනවා වුනත් ඒක අපේ රටේ සාමාන්‍ය පවුලකට දරන්න පුළුවන් ආයෝජනයක් නෙවෙයි. නමුත් මේ පාඨමාලාව අපේ රටේ දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරන්න DP Education අවස්ථාව හිමි කර දීලා තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඉතිං තවත් පරක්කු නොවී මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දැන්ම www.dpcode.lk වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.

DP Education Coding පාඨමාලාව ප්‍රධාන අංශ 12ක් යටතේ පෙළගස්වපු ව්‍යාපෘති 324ක් තියනවා. පාඨමාලා අංක 1 සිට 80 දක්වා පැය 120කින්, එහෙමත් නැත්තම් දළ වශයෙන් දින 5කින් වගේ සම්පූර්ණ කරන්න පුළුවන්.

ළමයින්ට විතරක් නෙවෙයි, මේ ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න කැමැත්තක් උනන්දුවක් තියන ඕනෑම කෙනෙකුට DP Education Coding පාසැල විවෘතයි. මේ නිසා ගෘහණියකට, සාමාන්‍ය රැකියාවක් කරන කාන්තාවකට වුනත් ගෙදර ඉදන්ම මේ පාඨමාලාව මුල ඉදන්ම ඉගෙන ගන්න පුළුවන්. ලෝකයේ ඕනෑම රටක කෝඩින් රැකියාවක් ගෙදර ඉදන්ම කරන්න තියනව නම් කොච්චර දෙයක්ද? ඔයාගෙ දැනුමට අමතරව අවශ්‍ය වෙන්නෙ Computer එකක් සහ Internet Connection එකක් විතරයි. ගෙදර ඉදන්ම හොඳ වැටුපකුත් ලැබෙන රස්සාවක් කරන්න ලැබෙනව නම් ඊටත් වඩා දෙයක් තියනවද?

පාඨමාලාව හැදෑරීමෙන් ලැබෙන වාසි මොනවද?

ඔයා සම්පූර්ණ කරන සෑම ව්‍යාපෘති 8කටම නොමිලේ ඔන්ලයින් සහතිකයකුත් ලැබෙනවා. වැදගත්ම දේ තමයි මේ පාඨමාලාව අවසානයේ මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නොමිලේ ලබා දෙන Trainee Full-stack Developer ඔන්ලයින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාවත් ඔයාට ලැබෙන එක.

කෝඩින් විෂය හැදෑරීම මඟින් පසුකාලීනව Web Developer, Full stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වගේ උසස් මට්ටමේ රැකියා අවස්ථාවලට පහසුවෙන් යොමුවීමේ අවස්ථාවත් ලැබෙනවා.

‍ඒ විතරක් නෙවෙයි, කෝඩින් ඉගෙනීම නිසා ඔයාගෙ තාර්කික චින්තනය දියුණු වෙනවා. නිර්මාණශීලී ලෙස ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය වෙනවා, නොපසුබස්නා උත්සාහය, ඔරොත්තු දීමේ හැකියාව, සන්නිවේදන හැකියාව වගේ මෘදු කුසලතා විශාල ප්‍රමාණයක් දියුණු කරගන්නත් කෝඩින් ඉවහල් වෙනවා කිව්වොත් නිවැරදියි.

මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වෘත්තීය ජීවිතය සාර්ථක කරන්නට මේක තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව කියලා හිතන්න. මොහොතක් වත් ප්‍රමාද නොවී DP Education Coding පාඨමාලාවට දැන්ම ලියාපදිංචි වෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *